රාවණ අඩවිය

සුබ දවසක් වේවා හැමෝටම

තවත් පෝස්ටුවක් දාන්නයි මේ සුදානම 
අද මාතෘකාව සමාජයේ වැඩිය ඉස්මතු නොවන නමුත් වෙනත් විදිහකින් ප්‍රබල ලෙස සමාජය තුල ව්‍යාප්තව ඇති එක්තරා ව්‍යාපාරයක් පිලිබදවයි ,
මෙය ව්‍යාපාරයක් විදිහට හදුන්වන්නට හේතුවන්නේ මේ තුලින් විශාල අදායම් ලබන පිරිස් ලොව හැමතැනකම පාහේ සිටින නිසයි .
මාතෘකාව නම් ලොව පැරණිම රැකියාව විදිහට නම් දරන ගණිකා වෘතියයි.
මෙය සමහරු රැකියාව බවට පත් කරගෙන ඇත ,මොවුන් මේ තුලින් බලාපොරොත්තු වන්නේ වෙනෙකෙකු පිනවිමද ,නැතහොත් තමන්ව පිනවගැනීමද යන්න යමෙකුට ගැටළු ඇතිකරන්න පුළුවන් .

කෙසේ වෙතත් මේ  කරුණු කාරණා අතර ඔවුන් මෙය රැකියාවක් බවට පත් කරගත්තේ ඇයි? කියන දේ කවුරුත් සොයා නොබලන්නට තියෙන ප්‍රවනතාව ඉහලයි .මොකද සමාජයේ මිනිස්සු තමන්ගේ වැඩේ  කෙරෙනවනම් එතනින් එහා දෙයක් පිලිබඳ වැඩි අවදානයක් යොමු නොකරන නිසාවෙන් .ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු වශයෙන් මෙලොව ඉපදී කුමක් හෝ කාරණාවක් මත මේ නරකාදියට යොමු වෙන්න ඇති .
මොවුන්ට මේ සදහා කුමන ප්‍රශ්න බලපෑවද කියන දේ දන්නේ ඔවුන්ම පමණි .කෙසේ නමුත් යම් යම් කාරණා දැන් දැන් සමාජය තුල ඉස්මතු වෙමින් පවතී .කුමන කාරණා හේතුකොටගෙන මොවුන් මේ සදහා යොමු වෙනවාද යන්න පිලිබඳ යම් අවබෝදයක් දැන් දැන් සමාජය තුල  ජනිත වෙමින් පවතිනවා .කෙසේ නමුත් ඔවුන් මේ මගින් හොද ජිවිතයක් ගත කරනා අවස්ථාවනුත් නැතුවම නොවේ .කෙසේ නමුත් සමාජය තුල ඔවුන් පිලිබඳ ඇති මතය වෙනස් කල නොහැකි තරමටම මුල් බස ගෙන ඇති නිසා මේ පිලිබඳ ප්‍රබල හඬක් නගන්නට පෙළඹෙන පිරිස්‌ අවමයි , එය තමයි වර්තමාන සත්‍ය ,මෙය අනාගතයේදී වෙනස්  මගකට යොමු වුවහොත් ඒ දෙයත් ඒ ඒ පුද්ගලයා දකින විඳින ආකාරය අනුවම වෙනස් විය හැක .මේ මාතෘකාව  ඕන කෙනෙකුට විවෘතයි තමන්ගේ අදහස් දක්වන්න පුළුවන් .

මේ අතරේම මගේ මුලිකම අදහස වුනේ අමරසිරි පිරිස්‌ මහතා ගායනා කරනා ගීතයක් වන ළඳුනේ ගීතය පිලිබඳ යම් හැඳින්වීමක් කරන්නටයි නමුත් මේ ගීතය සඳහා පදනම් වුන කතාව මාව මේ පොස්ටුව ලියන්න පෙළඹෙව්වා කිව්වොත් හරි.මෙහි ගීත රචකයා මේ වන විට ජිවතුන් අතර නොමැති වුවත්, මෙම ගීතය ගීත රචකයකු අතින් බිහිවූ අනර්ඝ නිර්මාණයක් කීවට වරදක් නැති බවයි මගේ හැගීමයි .මේ ගීතය  ගීත රචකයා මනා සංයමයෙන් යුතුව වඩා ගැඹුරුන් අර්ථ රසය ඉහල මට්ටමක පවත්වාගනිමින් රචනා කොට ඇත .
අපි හිතන දෙයට වඩා දෙයක් මේ ගීතය තුලින් රචකයා ඉදිරිපත්කොට ඇත .
මෙය ජාතික රුපවාහිනියේ විකාශය වුන සුරම්‍ය රාත්‍රිය නම් සංගීතමය වැඩසටහන තුලින් ඉදිරිපත් වුවක් ,බලන්න විඳින්න ,ගායන ශිල්පියා මෙයට හේතු වුන කතා වස්තුව පැහැදිලි කරමින් ගීතයට අවශ්‍ය ආරම්භය ලබා ගන්නවා  .

මේ අතරම වර්තමාන පරපුරේ ගායන ශිල්පියෙක් වන ලහිරු පෙරේරා විසින් මෑතකදී ගායනා කරන ලද දෑසින් පෑ කියන ගීතයත් මෙම වෘත්තියේ යෙදෙන කාන්තා ජිවිතයක්  ගැන යථාර්තය හෙළි කරනවා .

 
තවත් දවසක හමුවෙමු  .


Read More …

මුළු ලොවම දන්නා සංගීත කණ්ඩායමක් නමින් ඔවුන් linkin park ,ඔවුන්ගේ සංගීතය අපිට ටිකක් ගෝෂාකාරී වුනාට මේ සංගීතය ලොව පුරා රසිකයන් ඇඳ බැඳ  තබා ගන්නට සමත්කම් දක්වනවා .
මෙම සංගීත කණ්ඩායම ලොව පුරා සිටින කණ්ඩායම් සංගීතයේ වර්තමානයයි .දක්ෂයෝ පිරිසක් විදිහට ඔවුන් ලොව පුරා තමන්ටම කියල රසික රසිකාවියෝ පිරිසක් ගොඩනගාගෙන ඉන්නවා .
මොවුන් විවිධ මාතෘකා ඔස්සේ ගීත ගයන ඒ ගයන ගීත සදහා අර්ථවත් බවක් හැම වෙලේම සපයන්නට උත්සහ ගන්නා පිරිසක් බව කියන්නටම ඕන .එදිනෙදා සමාජයේ සිදුවෙන බොහෝ දේ මොවුන්ගේ ගීත තුල අන්තර්ගතයි ,මේත් එවැනි ගීතයක් ,රසවිදින්න ...

"What I've Done"

In this farewell
There’s no blood
There’s no alibi
‘Cause I’ve drawn regret
From the truth
Of a thousand lies


[Pre-Chorus:]
So let mercy come
And wash away
What I’ve done


[Chorus:]
I'll face myself
To cross out what i’ve become
Erase myself
And let go of what i’ve done


Put to rest
What you thought of me
While I clean this slate
With the hands of uncertainty


[Pre-Chorus]


[Chorus]


For what I’ve done
I start again
And whatever pain may come
Today this ends
I’m forgiving what I’ve done!!!


[Chorus]


What I’ve done
Forgiving what I’ve done
Read More …

මට මේ video එක බැලුවම දැනුනේ ලංකාවේ ලස්සන ,බලන්නනම් තැන් කොච්චර තියෙනවද කියලයි .
ලංකාවේ කෙනෙක්ට වගේම පිටරැටියකුට වුනත් මේ video එක දැකීම තුලම ලංකාව කියන්නේ මොන වගේ සුන්දරත්වයක් සහිත රටක් ද කියන දේ පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් .
ඇත්තටම මට දැනුනේ මෙච්චර සුන්දරත්වයෙන් පිරුණු රටක අපි දැකලා රස විදලා තියෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයයි කියලයි .මම හිතන්නේ සංචාරයට කැමති නැති අයව ඒ සදහා පොළඹවන සංචාරයට කැමති අයව තව තවත් උද්යෝගිමත් කරන්නට මේ video එකට හැකියාවක් ඇති කියල . 

                මට හැගුන විදිහටනම් මේ video එක ලංකාවේ සංචාරක අමාත්‍යාංශය විසින් ලංකාවේ සුන්දරත්වය විදහා දක්වන්නට නිර්මාණය කරවුවක් යන්නයි .
ඒ වගේම මේක නිර්මාණයක් විදිහට එලියට එන්න හොද දක්ෂ නිර්මාපකයන් පිරිසකගේ දායකත්වය අනීවාර්යයෙන් ලැබෙන්නට ඇති .
ඔබත් බලන්න අවබෝධයක් ලබාගන්න රසවිදින්න
.....

Read More …

ලැබුවා වූ නව වසර  සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා.
Read More …

සුබ දවසක් වේවා .
අද මේ අලුත් ලිපිය දාන්නේ අලුත් අවුරුද්දට පස්සේ දවසේ ,කම්මැලි කමේ  ඉද්දි පොඩ්ඩක් YouTube එක පැත්තේ ගිය එතකොටයි මෙන්නේ මේ video එක දැක්කේ .
එක්තරා ජාත්‍යන්තර රුපවාහිනී ආයතනයකින් කරන ලද වැඩසටහනක් ,මේ වැඩසටහන තුල පෙන්වා දෙන්නේ විවිධ රටවල ආහාර සංස්කෘතිය ගැනයි .මේ අපේ ලංකාවේ ආහාර පිළිබඳව
කරන ලද වැඩසටහනයි ,මේ තුලින් අපේ ආහාර රටාව අපට සුවිසේෂි ආහාර මොනවද යන්න විස්තර කෙරෙනවා මෙහි ආහාර පිළියෙළ කරන පිරිස ගැන කිව්වොත් ඔවුන් සියල්ලම Australia වේ ජිවත් වන ශ්‍රී ලංකිකයෝයි.ඔවුන් එහෙ තමන්ගේකම සමග අපේ රටේ ආහාර සංස්කෘතිය ඉදිරියට ගෙනයනවා .එකට අපේ ප්‍රණාමය පුදන ගමන් ආරාධනා කරනවා බලන්න මේ අපේ දෙයක් ,මේක රසවත් දෙයක් වෙයි .
මේ වැඩසටහනේ නම  Food Safari
Read More …

ගූගල් ක්‍රෝම් මල්ටි-ටාස්කිං මූඩ් එක. අන්තර්ජාලය ඉක්මනට පාවිච්චි කරන්නලු . මේ තාක්ෂණය හදුන්වල දෙන්නෙ. මෙහි එක පාර මවුස් 2 කින් වැඩකරන්න පුළුවන් ,
මේ තාක්ෂණය අපිට දායාද කරන්නේ Google ආයතනයයි .
මේක අපිට 2012 අප්‍රේල් 01 දා සිට බාවිතයට ගත හැකි බව Google ආයතනය පවසනවා.


 ''
''
''
''
''
''
''
''
''





ඔයාලත් උත්සහ කරලා බලන්න .
මෙන්න මෙහෙමයි Google ආයතනය මේ අවුරුද්දේ මිනිස්සුන්ව මෝඩයට අන්දන්න හැදුවේ .
Read More …

කණ්ඩායමක් විදිහට වැඩ කරලා ඒ වැඩේ සාර්ථකව නිම කරන්න පුළුවන් වුනොත් ,දැනෙන සතුට ඉහලයි .
එක තමයි කණ්ඩායම් හැගීම කියලා කියන්නේ ,හැමෝගෙම සහයෝගයෙන් කරන වැඩේ සාර්ථකත්වය කර යනවනම් එක ඒ හැමෝගෙම උත්සාහය
තුල ලබපු ජයග්‍රහණයක් ,මේ තියෙන video එක සත්තු කොහොමද කණ්ඩායමක් විදිහට ක්‍රියාකරන්නේ කියලා පෙන්වල දෙනවා .මේ video එක එක්තරා
වෙළද දැන්වීමක් ,මේකේ සත්තු හිටියට මොකෝ මනුස්සයෝ වෙන අපිටත් ලොකු දෙයක් කියලා දෙනවා.
Read More …

seven pounds
මේක 2008 තිරගත වුන movie එකක්,මේක සත්‍ය කතාවක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ .
නමුත් මේ  කතාව මනුස්සයකුගේ ජීවිතය වටා ගෙතුනු සංවෙදි කතාවක් ,පොහොසත් ජිවිතයක් ගතකරපු මේ කතාවේ කතා නායකයා
තමන්ගේ ජිවිතයේ වෙන වැරද්දක් නිසා තමන්ගේ පවුල් ජීවිතයත් ,තවත් පවුල් කිහිපයක්ම අවදානමේ හෙලන අවස්ථාවක් තමයි මෙහි ගැබ් වෙන්නේ ,
මෙලෙස තමන්ගෙන් වුන වැරැද්දට වන්දි ගෙවන්නට මෙහි ප්‍රධාන චරිතයට පන පොවන will smith ට සිදුවෙනවා ,මේ චිත්‍රපටිය පුරාවටම දිව යන්නේ
තමන්ගේ වරද කෙසේ හෝ නිවැරදි කරගන්න දරන සංවෙදී උත්සහයයි ,
IMDB දර්ශකයේ නම් 7.5 RATE එකක් තියෙනවා ,
මේකේ official trailer එක මෙතන තියෙනවා බලන්න ,හිතට ඇල්ලුවොත් මේක බලන්න ,
අපේ ජිවිතයට ගන්න දෙයක් මේ චිත්‍රපටියේ තියෙනවා මට දැනෙන විදිහට ,watch it ........... පහලින් තියෙනවා movie එක බාගන්න අදාල torrent ලින්ක් එක ..


 movie එක බාගන්න අදාල torrent ලින්ක් එක ..
Read More …

වෙද්‍යවරයා : එහෙනම් කියන්න බලන්න 3 වරක් 3 කීයද කියල ?
1 පිස්සා : 49 යි
වෙද්‍යවරයා : ඔයාට තාම සනීප මදි ,වරද්දන්නෙ නැතුව බෙහෙත් ටික බොන්න ඕන .   ම් ම්  එහෙනම් වෙන කෙනෙක් කියන්න බලන්න .
2 පිස්සා : 3 වරක්  3 නේ ,උත්තරය අගහරුවාදා.
වෙද්‍යවරයා : නැහැ නැහැ ,ඔයාටත් දැන්ම ගෙදර යන්න බැහැ
3 පිස්සා : අපෝ ඕකද,3 වරක් 3 = 9 නේ ,ඔයාට නම් දැන් හොදටම හොදයි වගේ ,එහෙනම් 
              ගෙදර යන්න  ලෑස්තිවෙන්න ,
               ආ එතකොට කොහොමද මේක සුළු කලේ ,
               සිම්පල්නේ  49 බෙදුවා අගහරුවාදයින්...........................
Read More …

Read More …

තිරගත වීමට නියමිතව තියෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසයේ 4 වෙනිදා .
action, adventure, sci - fi  කියන ප්‍රබේද 3 ට තමයි The Avengers movie එක අයත් වෙන්නේ
ඔන්න එහෙනම් මේ movie එකේ official trailer එකත් බලන්නකෝ ................


මේ movie එකේ අපි තවත් දන්න කියන පිරිසක් තමයි රංගන දායකත්වය දෙන්නේ ,
Iron man
Thor
Captain America  
The Incredible Hulk 
යන movies වල හිටපු අයගෙන් සැදුම් ලත් පිරිසක් තමයි මේ කතාවේ කතා නායකයෝ වෙන්නේ ..
Read More …


ලගදී එන්න තියෙන අලුත් movie එකක්,
නම නම් Battleship ,මෙතන තියෙනවා එකේ official trailer එක ,
මම හිතනවා මේ අවුරුද්දේ එන්න තියෙන movies වලින් තවත් හොද movie එකක් කියලා...
බලන්නකෝ කොහොමද කියලා......
Read More …


Read More …