සුබ දවසක් වේවා හැමෝටම
තවත් පෝස්ටුවක් දාන්නයි මේ සුදානම
අද මාතෘකාව සමාජයේ වැඩිය ඉස්මතු නොවන නමුත් වෙනත් විදිහකින් ප්‍රබල ලෙස සමාජය තුල ව්‍යාප්තව ඇති එක්තරා ව්‍යාපාරයක් පිලිබදවයි ,
මෙය ව්‍යාපාරයක් විදිහට හදුන්වන්නට හේතුවන්නේ මේ තුලින් විශාල අදායම් ලබන පිරිස් ලොව හැමතැනකම පාහේ සිටින නිසයි .
මාතෘකාව නම් ලොව පැරණිම රැකියාව විදිහට නම් දරන ගණිකා වෘතියයි.
මෙය සමහරු රැකියාව බවට පත් කරගෙන ඇත ,මොවුන් මේ තුලින් බලාපොරොත්තු වන්නේ
වෙනෙකෙකු පිනවිමද ,නැතහොත් තමන්ව පිනවගැනීමද යන්න යමෙකුට ගැටළු ඇතිකරන්න
පුළුවන් .
කෙසේ වෙතත් මේ කරුණු කාරණා අතර ඔවුන් මෙය රැකියාවක් බවට පත් කරගත්තේ ඇයි?
කියන දේ කවුරුත් සොයා නොබලන්නට තියෙන ප්රවනතාව ඉහලයි .මොකද සමාජයේ
මිනිස්සු තමන්ගේ වැඩේ කෙරෙනවනම් එතනින් එහා දෙයක් පිලිබඳ වැඩි අවදානයක්
යොමු නොකරන නිසාවෙන් .ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු වශයෙන් මෙලොව ඉපදී කුමක්
හෝ කාරණාවක් මත මේ නරකාදියට යොමු වෙන්න ඇති .
මොවුන්ට මේ සදහා කුමන ප්‍රශ්න බලපෑවද කියන දේ දන්නේ ඔවුන්ම පමණි .කෙසේ නමුත් යම් යම් කාරණා දැන් දැන් සමාජය තුල ඉස්මතු වෙමින් පවතී .කුමන
කාරණා හේතුකොටගෙන මොවුන් මේ සදහා යොමු වෙනවාද යන්න පිලිබඳ යම් අවබෝදයක්
දැන් දැන් සමාජය තුල ජනිත වෙමින් පවතිනවා .කෙසේ නමුත් ඔවුන් මේ මගින් හොද
ජිවිතයක් ගත කරනා අවස්ථාවනුත් නැතුවම නොවේ .කෙසේ නමුත් සමාජය තුල ඔවුන්
පිලිබඳ ඇති මතය වෙනස් කල නොහැකි තරමටම මුල් බස ගෙන ඇති නිසා මේ පිලිබඳ
ප්‍රබල හඬක් නගන්නට පෙළඹෙන පිරිස් අවමයි , එය තමයි වර්තමාන සත්‍ය ,මෙය
අනාගතයේදී වෙනස් මගකට යොමු වුවහොත් ඒ දෙයත් ඒ ඒ පුද්ගලයා දකින විඳින ආකාරය
අනුවම වෙනස් විය හැක .මේ මාතෘකාව ඕන කෙනෙකුට විවෘතයි තමන්ගේ අදහස්
දක්වන්න පුළුවන් .
මේ අතරේම මගේ මුලිකම අදහස වුනේ අමරසිරි පිරිස් මහතා ගායනා කරනා ගීතයක් වන
ළඳුනේ ගීතය පිලිබඳ යම් හැඳින්වීමක් කරන්නටයි නමුත් මේ ගීතය සඳහා පදනම් වුන
කතාව මාව මේ පොස්ටුව ලියන්න පෙළඹෙව්වා කිව්වොත් හරි.මෙහි ගීත රචකයා මේ වන
විට ජිවතුන් අතර නොමැති වුවත්, මෙම ගීතය ගීත රචකයකු අතින් බිහිවූ අනර්ඝ
නිර්මාණයක් කීවට වරදක් නැති බවයි මගේ හැගීමයි .මේ ගීතය ගීත රචකයා මනා
සංයමයෙන් යුතුව වඩා ගැඹුරුන් අර්ථ රසය ඉහල මට්ටමක පවත්වාගනිමින් රචනා කොට
ඇත .
අපි හිතන දෙයට වඩා දෙයක් මේ ගීතය තුලින් රචකයා ඉදිරිපත්කොට ඇත .
මෙය ජාතික රුපවාහිනියේ විකාශය වුන සුරම්‍ය රාත්‍රිය නම් සංගීතමය වැඩසටහන
තුලින් ඉදිරිපත් වුවක් ,බලන්න විඳින්න ,ගායන ශිල්පියා මෙයට හේතු වුන කතා
වස්තුව පැහැදිලි කරමින් ගීතයට අවශ්‍ය ආරම්භය ලබා ගන්නවා .
මේ අතරම වර්තමාන පරපුරේ ගායන ශිල්පියෙක් වන ලහිරු පෙරේරා විසින් මෑතකදී
ගායනා කරන ලද දෑසින් පෑ කියන ගීතයත් මෙම වෘත්තියේ යෙදෙන කාන්තා ජිවිතයක්
ගැන යථාර්තය හෙළි කරනවා .
තවත් දවසක හමුවෙමු .
Categories:
ගී පද වැල්,
මට හිතුන දේවල්
