ඇල්බර්ට් අයින්ස්ටයින් ජිවන තොරතුරු
1879 - මාර්තු 14 දා ජර්මනියේ වුර්ටෙම්බර්ග් උලම්හිදී යුදෙව් ජාතික පවුලකට දාව උපත ලැබිය .
පියා - හර්මන් අයින්ස්ටයින්
මව - පොවුලින් අයින්ස්ටයින්
1880 අයින්ස්ටයින් පවුලේ සියල්ලන්ම සමඟ ස්විස්ටර්ලන්තය වෙත පිටව ගියේය .
1901 ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමිවිය .
එරට පේටන්ට් කාර්යාලයේ රැකියාවක් හිමිවිය .
1903 මිලේව මැරික් සමඟ විවාහ විය .
1905 ආචාර්ය උපාධිය හිමිකරගත්හ .
1909 සූරිච් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස පත් විය.
වසර 2 පසු ප්රාගුඑ විශ්වවිද්‍යාලයේ සෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාරවරයා විය.
1914 කේසියර් විල්ම්හෙල් භෞතික විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂකවරයා විය .
1919 ජුනි 02දා එල්සා ලොවෙන්හල් හා විවාහ විය .
1921 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් සාම ත්‍යාගය හිමි විය .
1922 ආසියාවේ කල සංචාරයක් අතරතුර ලංකාවටද පැමිණියේය .
1933 ජර්මනියේ පුරවැසිභාවය හිමිවිය .බර්ලින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරක්ද හිමිවිය .
ජර්මනියේ හිට්ලර් විසින් යුදෙව්වන්ට එරෙහිව සිදුකල අමානුෂික ක්‍රියා නිසා ඇමරිකාවට පිටත්ව ගියේය.
එහි ප්‍රින්ස්ටන් සරසවියේ සෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්යවරයා ලෙස කටයුතු කලේය .
1939 ලොව පළමු න්‍යෂ්ටික බෝම්බය සැදීමට සහය ලබා දීම .
1945 ඇමරිකාවේ පුරවැසිභාවය හිමිවිය
1952 ඊශ්‍රායලයේ නාමමාත්‍ර ජනාධිපති තනතුර භාරගන්නා ලෙසට යෝජනා කෙරුණි, එහෙත් එය ප්‍රතික්ෂේප කළේය .
1955 අප්‍රේල් 18 වැනිදා ඇමරිකාවේ ප්‍රින්ස්ටන් රෝහලේදී අභාවප්‍රාප්ත විය .
මරණයට පත්වී පැය 7 විනාඩි 30 ඇතුලත ඔහුගේ මොලය ගැලව ඉවත් කෙරුණි.
උපුටා ගැනීමකි .
Elementary (2012)
කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් නම් වූ රහස් පරීක්ෂක කතා පෙලැයි .මීට පෙර ෂර්ලොක් හෝම්ස් රුපවාහිනී වැඩසටහන් 2කුත් චිත්‍රපට 2 විකාශනය වී තිබෙනවා .ඒ අතරට එක්වෙච්ච අලුත්ම රුපවාහිනී වැඩසටහන තමයි Elementary .
පෙර නිකුත් වුන කථාවන්ට වඩා වෙනස්කම් කිහිපයක් සමඟ තමයි මේ රුපවාහිනී වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ .
හුරු පුරුදු Dr වොට්සන් ගේ චරිතයට පණ පොවන්න මෙහි දායකත්වය සපයන්නේ කාන්තාවක් ,එයිට අමතරව මෙහි කතාවට මෑතකාලීන අපරාධ සිද්දි දාමයන්ද යොදාගෙන ඇත .පරීක්ෂක ග්රෙග්සන් සහ බෙල් මෙම කතා මාලාව තුලත් අදාල චරිතයන්ට පණ පොවනවා .හෝම්ස් ගේ චරිතය ඉතා සිත්ගන්න සුළු ලෙස මතු කරන්නට මේ කතා මාලාව තුලත් මෙහි නිර්මාපකයන් උත්සහ කර තිබෙනවා .
හෝම්ස් ඉතා දක්ෂ සහ සහජ හැකියාවෙන් යුත් තියුණු බුද්ධියකින් යුක්ත සුවිශේෂී පුද්ගලයෙක් .අපරාධ විසදන්නට ඔහු සතු හැකියාව ඉතා තියුණුයි . මේ කතාව අපි පොත පත තුල රස වින්ද ෂර්ලොක් හෝම්ස් ව රස්විදින්නට අපිට ලැබුණු තවත් අවසථාවක් .....මේ වන විට කොටස් 19 නිකුත් වී හමාරයි .
බාගත කිරීමට http://kat.ph/elementary-tv30750/
රථවාහන පැදවීමේදී වන අනතුරු අවම කරගෙන මහ මග මිනිසුන්ගේ ජිවිත වගේම දෙපලත් ආරක්ෂා කරගෙන ධාවනය කරන්න උත්සහගනිමයි වැදගත්
මේ ඒ දේ ගැන කියන පොඩි video එකක් .
වෙනස් අරක ටිකක් හිතන්න අපිව යොමු කරවන සහ ජිවිතේ ගැන තවත් හිතන්න සලස්සන ගීතයක්
අලුත් සංගීත කණ්ඩායමක් ප්‍රවිනයෙක්ගේ ඇසුර ලැබිච්ච .Wayo සී සී කඩ විසිරුණු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වගේ
නැතිව
හුදෙකලාවේ තනි වී සිටියම
සිහින ආකරෙක වැටුනා වගේ
නිමක් නැ
මොහොතින් මොහොතට ගෙවෙන කාලය
දැනෙනවා කා ..ටත් එක විදිහට
ගිනියම් ඉර , සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ..
ගීයකි ලොව , සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද ..
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
හූ ඌඕ . ඌ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නේ අතින් ඇතට පාවී
සුළඟ සේ
මොහොතින් මොහොතට ගෙවෙන කාලය
දැනෙනවා කා ..ටත් එක විදියට
ගිනියම් ඉර , සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ..
ගීයකි ලොව , සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
ගිනියම් ඉර , සඳ සිසිලස
අතරේ හොයනවා ොයනවා මේ අපි කවුරුද …
ගීයකි ලොව , සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද .. Artist : Wayo Vampire Diaries මම බලන්න ගත්ත TV searise වලින් හොදම TV searise එකක් කියල කියන්න පුළුවන් .
මොකද කිව්වොත් මේකේ කතා තේමාව වෙන්නේ vampire s ලා ගැනයි අතීතයත් එක්ක බැඳුනු කතාවක් විදිහට තමයි මෙය දිවෙන්නේ.
සාමාන්‍ය නාගරික සමාජයට පැමිණෙන මොවුන් ඒ සමාජ සංස්කෘතියට හැඩගැසිමත් සමග සිදුවන සිදුවීම් මාලාවක් තමයි මේ දිග හැරෙන්නේ
ආදරය විරහව සමාජතත්වය මිනිස් ස්වබාවය යනාදී දෑ ඉතා සියුම් ලෙස කතාව තුල පෙන්වා දෙනවා .ලස්සන ආදරය පිලිබඳ ටිකක් විතර කියාදෙන රුපවාහිනී වැඩසටහන් මාලාවක් .
බොහෝ දෙන ඉතා විශිෂ්ට රංගනයක යෙදෙන බවනම් පැහැදිලියි .චරිත වල ඇති තාත්වික බව ,උපරිමයෙන් අත්විදින්න පුළුවන් කතාවක් හැටියට The Vampire Diarise හඳුන්න්වන්න පුළුවන් සහෝදර පවුල් කිහිපයක් ගැන තමයි විශේෂයෙන් කතාව කියවෙන්නේ. පවුලේ එකමුතුව ,තමන්ගේ ලගම හිතවතුන් අකාලේ මියයාම ,මියගිය අය නැවත උත්පත්තිය ලැබීම වගේ අද්බුත සිදුවීම් ගොඩක් මේ searise එක පුරාවටම දිවෙනවා .
දැනට searise 3 ක් නිකුත් වෙලා තියෙනවා .







































